බටහිර බල්ගේරියාවේ බස් රථයක් අධිවේගී මාර්ගයකදී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සොෆියා අගනුවරට නිරිත දෙසින් පිහිටි බොස්නෙක් ගම්මානය ආසන්නයේ අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව බලා යමින් තිබූ බවත්, පුද්ගලයන් හත් දෙනෙකු දිවි ගලවා ගෙන තිබෙන බවත් සඳහන්.
අනතුරට හා ගින්නට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින අතර එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ බස් රථය ආරක්ෂක වැටක ගැටෙන්නට ඇති බවයි.