මන්ත්‍රී තිස්සට කතානායකවරයාගෙන් අවවාද
Tuesday, 23 November 2021 - 11:20 | Views - 1,642
කාන්තා පාර්ශවයට අපහාස සිදු වන ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැඩි තීන්දුවකට එළඹිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භය මධ්‍යයට පැමිණ කෙටි වේලාවක් විරෝධය පළ කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.
Share This Article