ඉන්දියාවට රත්තරන් රැගෙන යාමට තැත් කළ ලාංකිකයින් දහදෙනෙකුට වැඩ වැරදී
Tuesday, 23 November 2021 - 9:36 | Views - 722
ඉන්දියාවේ බෙන්ගලරූ හී කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු අංශ නිලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා සිදු කළ පරීක්ෂාවකදී කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය කාන්තාවන් අට දෙනකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු නීති විරෝධී ලෙස රත්තරන් රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 මෙම පුද්ගලයින් සිය ගුද මාර්ගය තුළ මෙම රත්තරන් සඟවාගෙන ඉන්දියාවට ඇතුළුවීමටයි උත්සාහ දරා ඇත්තේ.

අදාල පිරි පසුගිය සෙනසුරාදා කොළඹින් බෙන්ගලරූ වෙත පිටත් වූ යූ.එල්11 දරණ ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.

එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙක හමාරකට අධිකයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඔවුන් සමග ඉන්දියාවේ දී සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top