ත්රිකුණාමලය - කින්නියා ප්රදේශයේ කුරිඤ්ඤංකේනි හිදී පාලම් පාරුවක් පෙරලීමෙන් ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ අතර ළමයින් 4 දෙනෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සිටින බවයි.
එසේම තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.
ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම හේතුවෙන් මෙම පාලම් පාරුව පෙරළීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.