ජර්මානු සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්
Tuesday, 23 November 2021 - 9:21 | Views - 776
4 වන කොරෝනා රැල්ලක් අභියස සිටින ජර්මනියේ ජනතාවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කළා.

සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් කියා සිටියේ, මෙම ශීත ඍතුව නිමා වන විට ජර්මනියේ සිටින සෑම අයෙකුම එන්නත්කරණය ලබා, කොරෝනාවෙන් සුවපත් වී හෝ මිය ගොස් සිටිනු ඇති බවයි.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් යුරෝපයේ කොරෝනා ආසාදනය මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ජර්මනිය ඒ අතරින් ප්‍රධානයි.

ඊයේ දිනයේදී ද එරටින් නව ආසාදිතයන් 40,483ක් සහ මරණ 204ක් වාර්තා වුණා.

ජර්මනියේ කොරෝනා ආසාදනය සහ මරණ මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එන්නත්කරණ ප්‍රමාණවත් නොවීමයි.

බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරණ අනුපාතයක් සහිත ජර්මනියේ ජනගහනයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සියයට 68ක් පමණයි. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top