මංගල උත්සව නවතා නොදමා - සීමා පනවන්න
Monday, 22 November 2021 - 16:43 | Views - 5,304
මංගල උත්සව නවතා දැමීම කෙරෙහි අවධානය යොමු නොකර ඒ සඳහා සීමා පැනවීමක් සිදුකරන ලෙස බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. 
 
එහි ලේකම් නිරෝෂන් කුමාර පවසන්නේ එවැනි වෙනත් උත්සව සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු බවයි. 
 
"නිතර නිතර ප්‍රකාශ නිකුත් කරනවා මංගල උත්සවවලින් වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා කියලා කොරෝනා බෝවීමට. 
 
නමුත් අපි කියනවා මංගල උත්සව පමණක් නොවෙයි මේ රටේ විවිධ ‍උත්සව, විවිධ තැන්වල බලවත් උත්සව පැවැත්වෙනවා. 
 
ඒවට මේ කොරෝනා නීති කොහේවත් බලපාන්නේ නෑ. ඒත් මේ මංගල උත්සවවලට ඇහැගහන නිසා විශේෂයෙන් ම අපි ඉල්ලීමක් කරනවා මංගල උත්සව කිසිලෙසකින්වත් නවත්වන්න එපා පිරිස අඩු කරාට සීමා කරාට අපට ගැලුවක් නෑ. 
 
මොකද ලක්ෂ 15කට අධික පිරිසක් මේ මංගල උත්සවවලින් යැපෙන කොටසක් ඉන්නවා. ඒ නිසා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා 
 
රජයෙන් මේ පිළිබඳ අවධානය යොමුකරලා කිසිවෙටකත් මංගල උත්සව තහනම් කරන්න නම් සුදානම් වෙන්න එපා."
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top