රංජන් ළඟ තිබී ජංගම දුරකතනයක් සොයා ගැනේ
Monday, 22 November 2021 - 15:51 | Views - 341
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කර තිබෙනවා.ඒ සඳහා ඔහු ව 11.10 වැනි දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යැවූ බවයි වාර්තා වෙන්නේ.ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක , බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් හදිසි සෝදිසි කිරිමක් 11.21 වැනි දින රාත්‍රී 10.00ට පමණ සිදු කළ අවස්ථාවේ, ඔහු සන්තකයේ තිබි ජංගම දුරකතනයක් හා හැන්ඩ් ෆ්‍රී 01ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර,සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙනු ඇති.
Share This Article