අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පාර්ලිමේන්තුවේදී තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා.
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය 12වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙය 9 වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැය වනවා.
එසේම වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මෙය වන අතර, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසටත් මෙය ඉතිහාස ගත වුණා.
කෙසේ වෙතත් අයවැය දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවතීමෙන් අනතුරුවයි අද ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ.