අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දොළොස් දෙනෙකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේදී වැලිගම පොලිසිය මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.
මිදිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ මෙම සාදය පවත්වා ඇති අතර මෙහිදී කොකේන් ,අයිස් ,කේරලගන්ජා ද
මෙම පුද්ගලයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්තඅඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 45ත් අතර වයස් වල පසු වන පුද්ගලයන් වනවා.
මෙම සැකකරුවන් ඊයේ දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශණ සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.