නව රුසියානු කොවිඩ් ඖෂධයක් අත්හදා බැලීමකට සැරසෙයි
Monday, 22 November 2021 - 8:31 | Views - 363
මේ වන විට ස්පුට්නික් ලයිට් covid-19 මර්දන එන්නත ලබාගෙන ඇති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් (vladimir putin) එරට නිෂ්පාදනය කරනු ලබන නව covid 19 මර්දන ඖෂධයක් අත්හදා බැලීම සඳහා සිය කැමැත්ත පළ කර ඇති බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ වන විට සායනික අත්හදා බැලීම් තත්ත්වයේ ඇති රුසියානු ඉන්ට්‍රානසාල් covid-19 මර්දන එන්නත අත්හදා බැලීම සඳහා රුසියානු ජනාධිපතිවරයා ද කැමැත්ත පළ කර ඇති බවයි.
Share This Article