රසායනික පොහොර යළි ගෙන්වීම සම්බන්ධයෙන් ජනපති අද සාකච්ඡාවක
Monday, 22 November 2021 - 8:08 | Views - 1,076
තුන්වන සහ හතර වන කාණ්ඩයේ පොහොර යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

උදෑසන 10.30ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එහිදී තුන්වන සහ හතර වන කාණ්ඩයේ පොහොර ආනයනය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊයේ (210 ප්‍රකාශ කළේ.

වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට ද අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (21) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර හෝ වල් නාශක ආනයනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම, මෙරට ප්‍රධාන පෙළේ සුළු අපනයන භෝගයක් වන කුරුඳු වගාව සඳහා කාබනික පොහොරවලට අමතරව සුදුසු පොහොර වර්ගයක් ආනයනය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළා.

මේ අතර, පොහොර අර්බුදයත් සමඟ කන්ද උඩරට ගොවීන් විසින් ඊයේ (21) එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එවන් පසුබිමක එළවළු ලබානොදීමට ගත් තීරණයත් සමග අද (22) දින වෙළදපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළදපළ ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (22) උදෑසන සිට කන්ද උඩරටින් එළවළු ලැබෙනු ඇති බවයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර ශාන්ත ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top