තනි පුද්ගලයෙකුට වාහනයක ගමන් කිරීමේ තහනමක් පනවන්න යෝජනා
Monday, 22 November 2021 - 7:53 | Views - 1,579
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.


ඒ, කුරුණෑගල අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
 
 “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙමෙයි තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වලට ණයකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්වයකට අපි පත්වෙයි. අනාගතයේදී මට හිතෙන්නේ නෑ කිරිපිටි ටිකවත් ගෙන්න වාතාවරණයක් එයි කියලා” රාජ්‍ය අමාත්‍ය දයාසීරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කර සිටියා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top