ශ්‍රී ලාංකිකයින් හතරක් බිළිගත් ලන්ඩන් ගින්න
Saturday, 20 November 2021 - 14:54 | Views - 904
තුවාල ලැබූ කෙනාගේ දැන් තත්ත්වය
අලුත්ම ආරංචිය මෙන්න..

එංගලන්තයේ ලන්ඩන් නුවර, බෙක්ස්ලිහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එක ම පවුලේ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු එකක දැරියක, අවුරුදු හතරක පිරිමි දරුවෙකු, ඔවුන්ගේ මව සහ ඇගේ නැන්දණිය යැයි විශ්වාස කරන කාන්තාවක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

එම පවුලේ තවත් පිරිමි පුද්ගලයෙකු ජනේලයකින් පැන, ගින්නෙන් දිවි ගලවා ගෙන ඇති අතර ඉන් ඔහුගේ දෙපාවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පවුල ශ්‍රී ලංකාවේ සිට මාස තුනකට පමණ පෙර අදාළ නිවසේ පදිංචියට ගොස් ඇති බව පවුලේ ඥාතීන් පැවසූ බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම, දිවි බේරාගෙන ඇති පුද්ගලයා මිය ගිය දරුවන්ගේ මවගේ ඥාති සොහොයුරෙකු බව ත් ඔහුගේ තත්ත්වය මේ වන විට බරපතළ නොවන බව ත් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

එරට මාධ්‍ය පවසන්නේ, ගින්න ඇති වන අවස්ථාවේදී මිය ගිය දරුවන්ගේ පියා නිවසේ සිට නොමැති බව යි.

ගින්න නිවීම සඳහා එරට ගිනි නිවන රථ හයක් සහ ගිනි නිවන භටයන් 40 දෙනෙකු පමණ කටයුතු කර තිබෙනවා. 
 
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top