අඩු ආදායම්ලාභී පවුල් 100කට අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් - පානීය ජල පහසුකම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පානීය නල ජල පහසුකම් ලබා දී තිබෙනවා.
එය සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්යගායෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති , මිරිසවැටිය, චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.