තනියම පැමිණි මව මාසයකට පසු දරුවන් සය දෙනෙකු රැගෙන නිවසට
Saturday, 20 November 2021 - 14:14 | Views - 2,025
මෙරට රෝහලකදී උපත ලැබූ ප්‍රථම සය නිවුන් දරුවන් අද සිය නිවස වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා කොළඹ පුද්ගලික රෝහලේදීයි මෙම දරු උපත සිදුවුණේ. 
 
දිලිනි වාසනා නමැති වයස අවුරුදු 31 හැවිරිදි මවක් මෙම සය නිවුන් දරුවන්ට උපත ලබාදුන්නා. 
 
ඇය අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. 
 
මෙලෙස උපත ලැබුවේ පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකුයි. 
 
සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුවූ අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්  ප්‍රමුඛ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒ සදහා දායක වී තිබෙනවා. 
 
උපත ලබා මසකට පසුව මෙම දරුවන් අද අංගොඩ පිහිට සිය නිවස වෙත රැගෙන යනවා. 
 
පිටව යාමේ විශේෂ උත්සවයට අග්‍රාමාත්‍ය බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්වුණා. 
 
දරුවන් සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top