රටට ආශිර්වාද පැතූ රුවන්වැලි මහ සෑ පුදබිමේ ආගමික වතාවත් (Video)
Saturday, 20 November 2021 - 13:39 | Views - 280
මෙරට ක්‍රියාත්මක නව දේශපාලන වැඩපිළිවෙළ සඳහා රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආශිර්වාද පිංමකට ඊයේ එක් වූ අවස්ථාවේ සිදු කළ විශේෂ අනුශාසනාවකදීයි.මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජයට සහ රටට ජනතාවටත් ආශිර්වාද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්, අනුනා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Share This Article