එළවළුත් හිඟවන ලකුණු
Saturday, 20 November 2021 - 13:13 | Views - 1,001
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ කවරදාටත් වඩා වැඩි මිල ගණන් යටතේ බෝංචි, තක්කාලි, මාලු‍ මිරිස් ඇතුළු එළවළු වර්ග දැන් අළෙවි වන බවයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය සඳහන් කළේ, මෙලෙස එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමේ තත්ත්වය දෙසැම්බර් මස 3 වැනි සතිය තෙක් බලපැවැත්විය හැකි බවයි.

මේ අතර, උඩරට ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන් පෙන්වා දෙන්නේ, පවතින ගැටලු හමුවේ එළැඹෙන උත්සව සමය වන විට ජනතාවට දරාගත නොහැකි මට්ටමකට එළවළු මිල ගණන් ඉහළ යා හැකි බවයි.

මේ දිනවල ඉතිහාසයේ කවරදාකටත් වඩා වැඩි මිලකට මේ දිනවල එළවළු අලෙවි වන බව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළෙඳුන් පෙන්වා දෙනවා.

එසේම නුවරඑළියේ එළවළු ගොවීන් ඵලදාව නෙළීම නවතා දමන තත්වයක් උද්ගතව ඇති බවත් එසේ වුවහොත් ලබන සතියේ සිට කොළඹට එළවළු පැමිණීම සිදු නොවන බවත් පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංගමයේ නියෝජිතයින් සඳහන් කළා.

එසේම, එළවළු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ පිසින ලද ආහාරවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ එම ආහාරවල මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට බලාපොරොත්තුවක් ලබාගත නොහැකිද යන්න පිළිබඳව අප පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ, ලෝක ප්‍රවණතාවන් සැළකීමේදී ලබන ජනවාරි මාසයෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යනු ඇති බවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top