ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනුණු විකෘතිතා 3ක් සහිත ඩෙල්ටා කොරෝනා අනුප්රභේදයට අමතරව, තවත් අනු ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
එම නව ප්‍රභේදය වර්ගීකරණය කර ඇත්තේ බී - 01 - 617 - 2 - 104 ලෙසයි.
මීට පෙර ශ්‍රී ලංකාවට ආවේණිකව හඳුනා ගැණුනු ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය බී - 01 - 617 - 2 - 28 ලෙස නම් කෙරුණා.
දැනට ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා රෝගීන්ගෙන් බහුතරයක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මීට පෙර ප්‍රකාශ කළේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි දැන් ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් ලෙස සියයට 99ක්ම ඩෙල්ටා ප්රභේදයන් ආසාදනය වූ අයයි.
පසුගිය මාස දෙකක කාලය තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් නව ලක්ෂයක් අතුරෙන් බහුතරයක් ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව එහි කොවිඩ් පාලන තාක්ෂණික ප්‍රධානි මරියා වෑන් කර්කොව් සඳහන් කළා.