පී.සී.ආර් කළොත් තත්ත්වය භයානකයි...
නත්තල්, අලුත් අවුරුදු උදාවත් කරන්න බැරිවෙයි ?
සති අන්තයේ දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින් ජනතාව හැසිරුණොත් ඉදිරියේ රට නැවත වරක් වසා දැමීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.
හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී උපුල් රෝහණ මහතා මේ බව අවධාරණය කළා.
"සවාරි සහ සතිඅන්ත ගත කිරීම සඳහා විශාල ජනකායක් එක්රොක් වෙලා ඉන්නවා. විශේෂයෙන් පූජනීය ස්ථාන... ඒ වගේම වැව්, දිය ඇලි ආශ්‍රිතව සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරනවා. කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඊයේ සහ පෙරේදා දිනයේ ඉතාම ඉහළින් කොවිඩ් රෝගීන් තහවුරු වීම වාර්තා වුණා. ඒ වගේම රෝගීන් ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙන ආකාරයකුත් අපිට දැකගන්න ලැබුණා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලන්නේ. මේ සතිඅන්තය ඔබ ගතකරන ආකාරය අනුව ඉදිරි නත්තල් සමය සහ අලුත් අවුරුදු උදාව කියන දෙකම රට වසා තබනවාද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ වගේම විවෘත කරන ලද පාසල් සහ ආයතන කොපමණක් කල් තියෙනවද කියන එක තීරණය වෙන්නේ ඔබ මේ කාලය ගත කරන ආකාරය අනුව.."
"පළමු පෙළ ආශ්‍රිත සියලුම දෙනා දැන් පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ බොහෝ ආයතන අහඹු ලෙස කරන්නෙත් නෑ. එහෙම කළොත් අනිවාර්යෙන්ම මේ රෝගී සංඛ්‍යාව 1000 ඉක්මවා යනවා. අනිවාර්යෙන්ම යා යුතුයි.."
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
"රෝගීන් වැඩි වෙන්නේ ඇඳිරි නීතියෙන් පස්සේ සෞඛ්‍ය උපදෙස් පිළි පදිනවාද නැද්ද කියන කාරණාව තුළ. දෙසැම්බර් මැද වෙද්දි මේ තත්ත්වය ත්‍රීව වුණොත්, සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරිවුණොත් ඉදිරියේ නැවත වතාවක් රට වහන්න සිදු වෙනවා.."