පෝලිම් නැති ගෑස් ලැබෙන්නේ - දවස් හයකින් පසුවයි (Video)
Friday, 19 November 2021 - 12:54 | Views - 924
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා සපුගස්කන්ද පිරිපහදුව රුපියල් බිලියන 11ක ලාභයක් ලබා තිබියදී එය පාඩු ලබන බවට ප්‍රකාශ කිරීම පිටුපස පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් ඇත්ද යන්න පිළිබඳ සැක මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කෙටිකාලීනව බොරතෙල් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කිරිමත් සමඟ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයකට අත්හිටුවීමටයි පසුගිය දා පියවර ගනු ලැබුවේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ගෙන්වීමෙන් ලාභයක් සිදු වන බවයි.

කෙසේ වෙතත්  පිරිපහදුව වසා දැමීම හේතුවෙන් සේවකයින් කිසිදු රාජකාරියක නිරත නො වුණත්, මාසිකව ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ, 1,300ක් පමණ වන එම සේවකයන් සේවයට වාර්තා කර නිකරුණේ කාලය ගත කරන බවයි.  

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් සහ භූමිතෙල් ලබා ගැනීමට ජනතාව පිරිවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටියා.

කෙසේ වෙතත්, දින 06 ඇතුළත පවතින ගෑස් හිඟය මග හැරෙනු ඇති බව ලිට්රෝ සමාගමේ අලෙවි සහ වෙළෙඳ අධ්‍යක්ෂ ජානක පතිරත්න පවසනවා. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top