බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවින් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වැනි දා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.