මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින බව රෝහල් සේවකයෝ පවසනවා.
විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වීම ඊට හේතුව බවයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේ.
මළ සිරුරු රැසක ඉකුත් දිනවල කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයින් සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහළ නිලධාරීයෙක්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත්ය.
උපුටා ගැනීම - ලංකාදීප