කොරෝනා රෝගය යළිත් පැතිරී ගියහොත් පාසල් වැසීමේ අවදානමක්
Friday, 19 November 2021 - 9:43 | Views - 8,383
කොරෝනා රෝගය යළිත් පැතිරී ගියහොත් පාසල් වැසීමේ අවදානමක් මතුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. 
 
විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා. 
 
එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයක් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්..., 
 
බොහෝ අයට සෞඛ්‍යය පුරුදු අමතක වෙලා නේද ? 
 
කොරෝනා වෛරසය එන්නත් කලින් ලෝකේම දැනගෙන සිටි දෙයක් තමයි ස්වසන රෝග කාරක ශරීරය ට ඇතුළු වීම අවම කරගන්න හැටි මුව ආවරණ සහ දෑත් සේදීම එදා සිටම සිදු කර දෙයක් විශේෂයෙන් දැඩි සත්කාර ඒකක ළමාරෝග ඒකකවල නිතරම දෑත් පිරිසිදු කරනවා සබන් තරම් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් මෙයට නෑ. 
 
මෙම රෝගීය  බොහෝ නොකර ගෙන සිටීමට සිදු කළ යුතු මූලික දේ තමයි මුව ආවරණ සහ දෑත් සේදීම එය නිසියාකාරව කරනවා නම් මේ රෝගය වැළඳෙන්නේ නෑ.
 
අපි දැක්කා ලෝකයේ දියුණු රටවල් පවා බොහෝ වෙලාවට වසා දැමීමට කටයුතු කරනවා. නමුත් ඒ රටවල අවශ්‍ය කරන සම්පත් හා සන්චිත තිබෙනවා. අපේ රට වසනවා කියන්නේ සමාජීය වත් ආර්ථික වත් බරපතළ ගැටලු මතු වෙනවා.
 
 රට වසන්නේ නැතුව අපේ ආර්ථිකයත් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා රෝගය පැතිරීමට ඉඩ නොතිබිය යුතුයි.
 
 බස්නාහිර පළාත කියන්නෙ අවදානම් ප්‍රදේශයක් එහෙත් ජනගහනය අඩු ප්‍රදේශයක වුණත් පොකුරු ඇති වෙන්න පුළුවන් මේ ඒකරාශිවී අනිවාර්යෙන් නැවැත්විය යුතුයි. ඔබට උත්සවයකට සහභාගි වී නොසිටිය හැකි නම් එය සිදුකල යුතුයි.
 
 පාසල් දරුවන්ට වසර දෙකක් පාසල මගහැරුණා. යළිත් රෝගයේ පැතීරුනොත් මුලින්ම වහන්න වෙන්නේ පාසල්. දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතිය යුතුයි. රෝගය ගැන බැරෑරුම් ලෙස සිතිය යුතුයි.
 
 අනාගත පරපුරට කරන අසාධාරණයක් පාසල් වසන්නේ නැති තැනට කටයුතු කළ යුතුයි. වසර 13ක පාසල් කාලයෙන් වසර දෙකක් අහිමිවීම බරපතලයි. කුඩා දරුවන්ගේ මානසික වැටීම හා උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපනයට මෙය බලපානවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top