වැඩ නැවතුණත් සපුගස්කන්දේ වැටුප් සඳහා කෝටි 10ක්
Friday, 19 November 2021 - 9:21 | Views - 438
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් නො ගෙන්වීම නිසා එහි සේවකයින් කිසිඳු රාජකාරියක් නො මැති ව නිකරුණේ කාලය ගත කරන බව වාර්තා වෙනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ප්‍රකාශයක් සිදු කරමින් ඒ බව දන්වා සිටියා.

තෙල් පිරිපහදු කටයුතු සිදු නො වුණ ද මෙම සේවකයින් දිනපතා රාජකාරියට වාර්තා කරන අතර, ඒ සඳහා මාසික ව රුපියල් කෝටි 10ක් පමණ වැය කිරීමට සිදු වෙන බවයි වාර්තා වෙන්නේ.

බොරතෙල් ගෙන්වනවා නම්, පරිභෝජනයට අවශ්‍ය දැවිතෙල්, ගුවන් යානා තෙල්, සහ භූමි තෙල් ආදිය සපුගස්කන්ද පිරිපහදුව හරහා නිෂ්පාදනය කරගැනීමට අවස්ථව තිබූ බව අශෝක රන්වල සඳහන් කරනවා.

පිරිපහදුව වසා දැමීම නිසා එම තෙල් වර්ග ද ඩොලර් ගෙවා ගෙන් වීමට සිදු වී තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top