අහසට නැඟුණු එළවළු මිල (Video)
Friday, 19 November 2021 - 8:59 | Views - 496
2018 වසරෙන් පසු ඇතැම් එලවළු වර්ගවල වැඩිම මිල දැන් වාර්තා වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.පවතින වර්ෂාපතනය මෙන්ම, දිලීර නාශක හිඟය ද මිල ඉහළ යාමට හේතුවක් වී ඇති බව එහි ආහාර පද්ධති සහ අලෙවි පර්යේෂණ අංශයේ අංශ ප්රධානී නාලක විජේසූරිය සඳහන් කළා.මේ වනවිට බෝංචි, තක්කාලි, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකට මිලකට අලෙවි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.එහෙත් බීට්රූට්, වට්ටක්කා, පිපිඤ්ඤා, පතෝල සහ බණ්ඩක්කා වැනි එළවළු වර්ගවල මිල පහළ අගයක් ගෙන තිබෙනවා.
Share This Article