විරෝධතාව හේතුවෙන් මාර්ග කිහිපයක වාහන තදබදයක්
Tuesday, 16 November 2021 - 16:10 | Views - 1,093
ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවත, නෙළුම් පොකුණ සහ කොල්ලුපිටිය අවට ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරුවන් සඳහන් කලේ මීට ටික වේලාවකට පෙර විපක්ෂ නායක කාර්යාලය අසලින් එම විරෝධතාව ආරම්භ වූ බවයි.

කෙසේ වෙතත්, මෙම විරෝධතා තහනම් කරන්නැයි ඉල්ලා පොලීසිය අධිකරණ කිහිපයකින් නියෝග ඉල්ලා සිටි අතර, බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

මේ අතර, සමගි ජන බලවේගය කොළඹදී ආරම්භ කර ඇති විරෝධතාවය පාලනය කිරීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පොලීසියේ රාජකාරියට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top