අධිකරණය අවසර දුන් විරෝධයට - මහ මඟදී බාධා (Video)
Tuesday, 16 November 2021 - 13:10 | Views - 1,182
සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගි වීම සදහා නුවරඑළිය ප්‍රදේශයෙන් පැමිණි ආධාරකරුවන් පිරිසක් රැගත් බස් රථ දෙකක් මාර්ග බාධක යොදා පොලිසිය අවහිර කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

අද පෙරවරුවේ නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථ දෙක පොලිස් මාර්ග බාධක යොදා නතර කර තිබෙනවා.

පසුව එහි රියදුරන් සහ සමගි ජනබලවේගයේ ආධාරකරුවන්ට මහර අධිකරණය ලබාදුන් වාරණ නියෝගය දැනුවත් කර ඔවුන් ආපසු හරවා යවා ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එහි දී පොලිසිය සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මෙම බස් රථ දෙක තාවකාලික ගමන් බලපත්‍රයක් ද නොමැතිව ධාවනය කරමින් තිබු බවයි.

පසුව එහි ගමන් ගත් ආධාරකරුවන් පිරිස, එහිදී උද්ඝෝෂණයක් ද සිදු කර තිබෙනවා.

මේ අතර, බෙන්තර, ඇල්පිටිය, ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් මෙම විරෝධතා පාගමනට පැමිණි බස් රථ කිහිපයක් අද පෙරවරුවේ බෙන්තර මංසන්ධියෙන් පොලිස් මාර්ග බාධක යොදවා නතර කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

එහිදී එම පිරිස සහ පොලිසිය අතර උණුසුම් සංවාදයක් ද ඇතිව තිබෙනවා. 
 
 

 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top