වත්මන් ආර්ථික තත්ත්වයට - මත ගැටුම් හා විරෝධතා
Tuesday, 16 November 2021 - 10:47 | Views - 484

භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළා යෑම නිසා තමන් සෑ ම අතින් ම අපහසුතාවට පත් වී ඇති බව පවසමින් හොරොව්පතාන ප්‍රදේශයේ දී ජනතා විරෝධයක් පැවැත් වුණා.ජනතාවගේ ගැටලුවලට කර අරිමින් ඒ සඳහා පිළිතුරක් නො දෙන ආණ්ඩුව, නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි විරෝධයට එක් වූ ජනතාව කියා සිටියේ.රසායනික පොහොර නො මැති ව මහා කන්නයේ වගා කටයුතු රිසි පරිදි සිදු කරගැනීමේ අපහසුතාවකින් තමන් පෙළෙන බව හා අයවැයෙන් හෝ ඊට විධිමත් සහනයක් නො ලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා.හැට පහට තිබුණු පරිප්පු දෙසීය අසූවක් වෙලා, අනේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න, චිත්‍ර අඳින්න විදියක් නෑ තීන්ත ගණං, ලණු කෑව ද, දැන් සැප ද, ආදී සටන් පාඨ සහිත පුවරු රැගෙනයි ඔවුන් මෙම විරෝධතාව සිදු කළේ.සිමෙන්ති, හා හා සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල ද වෙළෙඳපොළ හිඟයක් පවතින බවට පැවසූ විරෝධතාකරුවන්, ඉන් තම දෛනික ජීවිතය බරපතළ අභියෝගයකට ලක් ව ඇති බව පැවසුවා.මේ අතර. දිවයින පුරා ගෑස් හිඟයක් පවතින මොහොතක, ජනතාව අව්ව වැස්ස නො තකා දිගු වෙලාවල් පොලිම්වල සිටින අයුරු විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබුණා.එවන් පසුබිමක, තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නො දුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳ ගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදියි කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවේ නිරත ව ඇත්තේ.අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ, ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නො පැමිණ ඇති බවයි.පසු ව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරත ව තිබෙනවා.ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ ඇති අතර,ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇති බව සඳහන්.තව ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ සිට වසා දැමීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් මතු විය හැකි බවට පළ වෙන වාර්තා සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් පමණ කාලයක් වසා දැමීමට සිදු වන බවටයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළේ.කෙසේ වෙතත් මෙවන් පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.එහෙත් රට තුළ ඉන්ධන හිගයක් ඇති නොවීමට රජය පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
Share This Article