විරෝධයට නීති දැමීම - අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Monday, 15 November 2021 - 13:14 | Views - 240
කොළඹ දී හෙට (16) දින පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ විරෝධතාව පවත්වන්නේ නම්, එය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කළ යුතු බවට එම පක්ෂයට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.2022 අයවැයට එරෙහිව මෙම විරෝධතාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්ව හෙට (16) දිනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, එය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට පටහැනි බවටයි තීරණය කෙරුණේ.
Share This Article