කඩුගන්නාව මාර්ගය තවදුරටත් වැසෙයි
Monday, 15 November 2021 - 11:31 | Views - 6,757
කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව දුර්ගයේ භූමියෙහි යම් අස්ථාවර බවක් ඇති වුණා.

මේ හේතුවෙන් අංක 01 කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් ගමනාගමනය සඳහා වසා දැමුණු අතර, එය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද (15) දින තීරණයක් ගැමනීමට නියමිතව තිබුණා.

ඒ අනුව, අද (15) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, භූ විද්‍යා විශේෂඥයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ භූ ගර්භ මහාචාර්යවරුන් සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී තීරණය වූයේ, අද (15) දින නිරීක්ෂණයන් සහ ලබාගත් තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ අමාත්‍යාංශ මට්ටමින් වැඩිදුරටත් සාකච්ඡා කර, අවසන් තීරණයක් ගැනීමටයි.

මේ අතර, දැනට භූ තලය අභ්‍යන්තරයෙන් ගලා යන ජල ධාරාව සහ තැන්පත්ව ඇති පීඩන ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය ප්‍රකාශ කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top