සිරිල් ගාමිණී පියතුමා අද CID වෙත (Video)
Monday, 15 November 2021 - 9:34 | Views - 399
ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

පියතුමන් මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළ ව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලකට අදාළ ව සිදු කර ඇති කැඳවීමකට යි.
 
 
 
 up date...
 
 
ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමට නියමිතයි.

පෙරවරු 10ට පියතුමන් මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලකට අදාළව සිදු කර ඇති කැඳවීමකටයි.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට සිරිල් ගාමිණී පියතුමන්ට පසුගිය දා දැනුම්දීමක් සිදු කර තිබූ අතර, ඒ සඳහා උන්වහන්සේ සතියක කාලයක් ලබාදෙන ලෙසට මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව පසුගිය 3 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් එහිමියන් දැනුම් දුන්නේ, මේ වන විට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බැවින් එදින ද එහි නොපැමිණෙන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top