ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් වෙයි
Monday, 15 November 2021 - 9:09 | Views - 429

අධික වර්ෂාව හේතුවෙන් මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම - විජයරජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ එක් ස්ථානයක සිදු වූ ගිලා බැසීමක් හේතුවෙන් අද (15) උදෑසන සිට ප්‍රධාන මාර්ගයේ විශේෂ දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.මගීන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය 3ක් සහ එම ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රියන්ට සම්බන්ධිත දුම්රිය 3ක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.එමෙන්ම, වේයන්ගොඩ සිට දුම්රිය 4ක්, ගම්පහ සිට එක් දුම්රියක් ද අද (15) උදෑසන සිට ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.මීට අමතරව රාගම සිට දුම්රිය දෙකක් වශයෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 10ක් ධාවනය වීමටයි සැලසුම් කර ඇත්තේ.මේ අතර, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනවා ද නැද්ද යන්න පිළිබදව අද ( පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය පවසනවා. කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රදේශයට පවතින කාලගුණ තත්ත්වය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අදාළ තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.
Share This Article