සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ නවතියි (Video)
Monday, 15 November 2021 - 8:27 | Views - 1,713
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන් වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අද සිට නතර කර තිබෙනවා.හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී පිරිපහදුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුද ඒ සම්බන්ධයෙන් තහවුරු කරනු ලැබුවා.බොරතෙල් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නො වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තාවන්නේ.මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සඳහන් කළේ තවත් දින 15කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.
Share This Article