20-20 ලෝක ශූරතාව කැන්ගරුවන් සතු කර ගනී
Monday, 15 November 2021 - 8:07 | Views - 167

ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම පරදා විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.ඔස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 08කින්.අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමටයි.ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූයේ නැහැ.ඔවුන්ගේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක්ව තිබියදී දැවී ගියා.දෙවන කඩුල්ල ලෙස ලකුණු 28ක් ලබා සිටි මාටින් ගප්ටිල් දැවී ගියේ ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 76ක්ව තිබියදී.ඉන් අනතුරුව පිටියේ එක් වුණු නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ගේයින් පෙල්ස් ඉතා අගනා සම්බන්ධතාවයක් ගොඩනඟමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා.නවසීලන්ත නායකයා පන්දු 48ක් තුළ ඉතා අගනා ලකුණු 85 ක් රැස් කළා.අවසානයේ නවසීලන්ත කණ්ඩායම ඔවුන්ට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 172ක් රැස් කළා.ජයග්‍රාහී ලකුණු 173ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භය ද එතරම් සාර්ථක වූයේ නැහැ.ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 15ක්ව තිබියදී දැවී ගියා.ඉන් අනතුරුව පිටියේ එක් වූ ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ පීඩනයකින් තොරව නවසීලන්ත පන්දු යවන්නන්ට පහර දෙමින්.ඩේවිඩ් වෝනර් පන්දු 38ක් තුල ලකුණු 53 ක් ලබා ගත්තා.ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් මිචෙල් මාෂ් පන්දු 50ක් තුළ නොදැවී ලකුණු 77ක් ලබා ගත්තා.ඔහුට අනෙගි සහයක් ලබාදුන් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18කදී ලකුණු 28ක් රැස් කළා.
Share This Article