නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට දිවයින පුරා සිදු කළ සෝදිසි කිරීම්වලදී පුද්ගලයින් රැසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 86ක්.
පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ වනවිට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව ලැබ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 82,293ක් බවයි.