බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුඛ ආවරණ පැළඳීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම මෙන්ම ඒ සඳහා දැන්වීම ප්‍රදර්ශනය කර තිබේද යන්න පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණුයි.
ඊයේ (14) දින දහවල් 12 සිට දහවල් 02ක දක්වා කාලය තුළ සිදු කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 451 දෙනෙකු එක්ව සිටියා.
එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ රියැදුරන් 318කට සහ වායු සමනය කළ බස් රථ 65කට මෙන්ම වෙළෙඳසැල් 505ක් සඳහා ද පොලිසිය විසින් දැඩි අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේ.