කොරෝනා යළි හිස ඔසවන මොහොතක WHO කළ ඉල්ලීම
Saturday, 13 November 2021 - 16:23 | Views - 467
කොරෝනා එන්නත් වඩාත් අවශ්‍ය අවදානම් කාණ්ඩවල එන්නත්කරණය ඉහළ නංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ජිනීවා නුවරදී මේ බව කියා සිටියේ යුරෝපයේ කොරෝනා ආසාදනය නැවතත් සීග්‍රයෙන් ඉහළ යාම පිළිබඳ අදහස් දක්වමින්.පසුගිය සතියේදී පමණක් යුරෝපාකරයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන දෙකක් වාර්තාවූ අතර, ගෝලීය වසංගතය ආරම්භ වූ දා පටන් යුරෝපයෙන් සතියකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාව එයයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ එන්නත්කරණ සංඛ්‍යාව නොව ඒවා, අවශ්‍ය පුද්ගලයන් වෙත ඒවා ලබාදීම විශේෂයෙන් වැදගත් වන බවයි.ලොව පුරා සෞඛ්‍ය සේවකයන්, වයස්ගත වූවන් සහ අනෙකුත් අවදානම් කාණ්ඩ පළමු එන්නත් මාත්‍රාව බලාපොරොත්තුව සිටිද්දී, සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට වර්ධක මාත්‍රාව ලබාදීම හෝ ළමයින්ට එන්නත් ලබාදීම ඵලදායී නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ.
Share This Article