කොරෝනා වෛරසය එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලැබූ පුද්ගලයන් සඳහා ලබාදෙන තුන්වන හෙවත් වර්ධක මාත්‍රා 8,298 ක් ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙලෙස ලබාදුන් මුළු වර්ධක මාත්‍රා සංඛ්‍යාව එක්ලක්ෂ 5,816ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්, සයිනොෆාම්, මොඩර්නා සහ ස්පුට්නික් කොරෝනා එන්නත් මෙරට ජනතාවට පළමු සහ දෙවන කොරෝනා එන්නත් මාත්‍රා ලෙස ලබාදෙනු ලැබුවා.
තුන්වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා එන්නතයි.
මෙතෙක් මෙම වර්ධක මාත්‍රාව ලබාදී ඇත්තේ සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන්තොටුපොළ ඉදිරිපෙළ සේවකයන්ට සහ සංචාරක ක්ෂේත්රයේ නිරත වූවන්ට යි.