රසිකයන් හඬවා නික්ම ගිය ලක්ෂ්මන් විජේසේකරයන්ගේ නිසල සිරුරේ අවසන් කටයුතු හෙට
Saturday, 13 November 2021 - 14:20 | Views - 435
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක, සංගීතඥ සහ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) පස්වරු පහට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ලක්ෂ්මන් විජේසේකර ඊයේ (12) අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.

රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා, 1975 වසරේ ගුවන් විදුලි සරළ ගී පරීක්ෂණයෙන් සමත්වූ ඔහු ප්‍රියංගා සිනමා පටයෙන් චිත්‍රපට රංගනයට පිවිසුණා.

ඊට පෙර ඔහු වෙස්සන්තර සහ නෙළුම් පොකුණ යන වේදිකා නාට්‍ය සඳහාද රංගනයෙන් දායක වී තිබූ අතර, රේඛා මෙන්ම ගංඟා සහ නිශ්ශංක ටෙලි නාට්‍යවල ද ප්‍රධාන චරිත නිරූපණය කරමින් ජනාදරයට පත්වුණා.

එමෙන්ම බුමුතුරුණු, අත්ත බිඳෙයි වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද ලක්ෂ්මන් විජේසේකර කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔහු ගායනා කළ ගීත අතර දැල්වූ පහන්, ඇති දේ ඇති සැටියෙන්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා මේ වසන්තය ආදී ගීත ඉමහත් රසික ජනාදරයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top