කඩුගන්නාව තවදුරටත් වැසෙයි
Saturday, 13 November 2021 - 9:19 | Views - 1,752
නාය යෑමේ අවදානමක්  හේතුවෙන් වසා දමා ඇති කොළඹ - මහනුවර මාර්ගයේ මාවනැල්ල  සහ කඩුගන්නාව අතර කොටස තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද.එස්.වීරසූරිය ප්‍රකාශ කළා.

එසේ ම දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය විය හැකි බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයේ ඉහළ යාමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර මුහුදු රළ මීටර 3ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය සමග දිවයින හරහාද පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, යාපනය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුර, උතුරුමැද පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් වැසි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මේ බව සඳහන් කළේ, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ ගංවතුර ඇති වූ ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමට ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ගලවිදපු ස්ථානයට පහළින් පිහිටි ප්‍රදේශයට පැමිණ පර්යේෂණ සිදු කළ බවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top