මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4%ක්.
පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162කු වාර්තා වුණා.
පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.