යළිත් ඉහළට යන ආසාදිත රැල්ල
Saturday, 13 November 2021 - 7:44 | Views - 756
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548,784 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තාවීමත් සමගයි.

මේ අතර එන්නත්කරණය නොලැබූ පුද්ගලයන් සඳහා දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රියාව සැරසෙනවා.

ඒ, එරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන්.

චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණයකට එළඹෙන අතර, අදාළ සීමාවන් හෙට සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔස්ටි්‍රයානු ජනගහණයෙන් 65%ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණය ලබා ඇතත්, අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව එය අඩු අනුපාතයක්.

එමෙන්ම වයස අවුරුදු 65 ඉක්ම වූ ඇමරිකානුවන් අතරින් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුටම මේ වනවිට කොරෝනා එන්නත් තුන්වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලබාදී ඇති බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළා.

එය, සංඛ්‍යාත්මකව මිලියන 16කට අධිකයි.

ඊයේ දිනය වනවිට ඇමරිකා එක්සත් ජනපදය, කොරෝනා එන්නත් මාත්‍රා හතළිස් තුන්කෝටි හැත්තෑ තුන්ලක්ෂ පනස් දෙදහසකට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top