අද රාත්‍රී අටේ සිට හෙට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 28ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 4, 5, 6, 7, 8 සහ කෝට්ටේ මෙන්ම කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.