අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
Saturday, 13 November 2021 - 7:33 | Views - 677
සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල අද (13) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (13) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දෙනවා.
Share This Article