දිවයිනේ සියලු පාසල් සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම්
Friday, 12 November 2021 - 15:42 | Views - 13,912
අයවැය යෝජනා
 
ඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනවා .විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා.
 

ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා කරනවා.ත්‍රීරෝද රථ ලක්ෂ 7 කට වඩා තිබෙනවා.
 
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පනතක් හඳුන්වා දෙනවා .ඔවුන්ගේ ව්‍යසායකත්වය හා කුසලතා සංවර්ධනය කරන්නට වැඩසටහනක් සකස් කරනවා
 

පලතුරු එළවළු මත්ස්‍ය නිෂ්පාදන දියර කිරි නිෂ්පාදනය හා වාණිජ බෝග වගාවන් ඇතුළු වගාවන් ගැටළු අවශ්‍යතා වූණ සමාලෝචනය කර දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුය යෝජනා කරනවා
 

තරුණ පරපුර රැකියා සොයා යන්නන් බවට පත් නොකර විවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් සකස් කරනවා
 

ඖෂධ නිෂ්පාදනය සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමඟ එකතු වී ඉහල ප්‍රමිතියෙන් යුතු ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට පහසුකම් ලබා දෙනවා.ඖෂධ මිල සඳහා පත් කර ඇති කමිටුවේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරනවා.
 
 
ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ නව ව්‍යාපාර කිරීමට යෝජනා කරනවා
 

මැණික් හා ස්වභාවික ඛනිජ සම්පත්වල ලෝක වෙළෙඳ පොළේ පංගු කාරිත්වය වැඩි කිරීමට වැඩිකිරීමට කටයුතු කරනවා.ශ්‍රී ලංකාව මැණික් මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි.
 
රබර් අසිත ආශ්‍රිත නිශ්පාදන හසිත නිෂ්පාදන ආනයනය සීමා කිරීමටත්,රබර් ආශ්‍රිත නිශ්පාදන නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීමටත් යෝජනා කරනවා.
 
විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ  නිෂ්පාදන  අමුද්‍රව්‍ය අඩුකරනවා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන මෙවලම් දේශීයව නිෂ්පාදනය කිරීමට යෝජනා කරනවා
 

සුවතා සංචාරක කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකසනවා.පාරම්පරික හෙළ හෙල වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනවා
 

කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ගම් මට්ටමින් සිදු කරනවා.
 
 කාන්තාවන්ට සහ තරුණයන්ට වගා නොකළ ඉඩම් ලබා දී නව කෘෂි  ව්‍යවසායකයින් බිහි කරනවා.ඉඩම් උපරිම පරිභෝජනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙනවා.
 
කෘෂිකාර්මික නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙන, කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.
 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.සෑම දිස්ත්‍රික්කයකම නවීන පන්නයේ රෝහලක් සහ පාසලක් ඇරඹීමට ආයෝජකයන් දිරි ගන්වනවා.
 
කොළඹ වරාය අන්තරාල වරායක් ලෙස ද ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කරනවා.
 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.
 

විදේශ සේවා නියුක්ති ගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීමේදී රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය දැනුම පුහුණුව සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට දැනට පවතින රජයේ පහසුකම් වැඩි දියුණු කරන අතර විදේශ රටවල විදේශ රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා පවතින අවස්ථා අවස්ථා වැඩි කිරීමට යෝජනා කරනවා
 

විදේශ සහ දේශීය අපනයන කරුවන්ගේ අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පත් කරනවා.
 
 කෘෂිකාර්මික නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිතකෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.
 
වෙනත් වෘත්තිය සමිතියක සාමාජික සාමාජිකුව සිටිය දී රජයේ වෘතීය සංගමය වෘත්තීය සංගමයක සාමාජිකත්වයට ලබා දී ඇති සීමා ඉවත් කරනවා.කෘෂිකර්මාන්තයට වැඩි ආයෝජනයක් කරනවා
 
 
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කෙරේ.
 

අධික විෂ රසායනයන් ගෙන් තොරව නාශක ක්‍රමවේදයන් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කෙරේ.
 
 වල් පැලෑටි මර්දනය සඳහා හෙක්ටයාර් දෙකකට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීමට යෝජනා කරනවා.
 

අපනයන බෝග වගාවන්ට සිදුවී ඇති පසුබෑම හදුනාගෙන එය නැවත සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත්  රුපියල් මිලියන දස දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා..
 

2021 වසරේදී කුකුල් මස් අපනයන කිරීමට අපිට හැකි වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අපි වෙහෙසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
 

අපනයන නිෂ්පාදන සංවර්ධනය යටිතල පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.  කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යනවා.කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
 

වාරි සෞබාගය වැඩසටහන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන විසි දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා.වතු නිවාස දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරීමට යෝජනා කරනවා.
 

ඒ වගේම කුඩාම පළාත් පාලන ආයතන ඒකකය තමයි කොට්ඨාසය. කොට්ඨාස අර්ධ සමිතිය දාහක් ලංකාවේ කියනවා ඒ හැම කොට්ඨාසයකටම මිලියන හතරක් නැත්තං ලක්ෂ හතළිහක් 
 
 සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට  විමධ්‍යගත අයවැය සඳහා මිලියන 5 කින් වැඩි කරනවා.ඒ අනුව මිලියන 3 375ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
 
පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 
 
පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්.
 
දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එක් දුම්වැටියක් සඳහා රුපියල් 5කින් බදු මුදල් ඉහළ යන බවයි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සුරා බදු ද වැඩි කෙරෙනවා.

රුපියල් මිලියන 25ක ආදායමක් අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මක වන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර රිය අනතුරුවලිට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කෙරුණු අතර රේගුවේ සිරවී ඇති වාහන අදාළ දඩ හා බදු ගෙවීමෙන් අනතුරුව මුදා හැරීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top