විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායකත්ව විශ්‍රාම වැටුපක්
Friday, 12 November 2021 - 15:32 | Views - 695
ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට සඳහා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට තාර්කික ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවයි.

උසස් මට්ටමේ අපනයනකරුවන් සඳහා නිදහස් රේගු පහසුකම් ලබාදීම සඳහා ද මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළා.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරුණු අතර ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් ද යෝජනා කර තිබෙනවා.

ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් පිහිටු වීමට ද මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළා.

මේ අතර විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට ද යෝජනා කර තිබෙනවා.

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සඳහා පනතක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී 2022 වසර වෙනුවෙන් ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට යෝජනා කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top