රාජ්‍ය ආයතනවල දුරකථන වියද ම ද සියයට 25කින් කපා හැරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
එමෙන්ම අමාත්‍යංශවල පරිපූරක ඇස්තමේන්තු ඉල්ලීමෙන් වළකින ලෙසටයි ඔහු කියාසිටියේ.
මේ අතර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරන බව ද 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියා.
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට නව වැටුප් ව්‍යූහයක් ද යෝජනා කර තිබෙනවා.
ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.
සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට තාර්ඛික ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.