2022 අයවැයට කැබිනට් අනුමැතිය (Video)
Friday, 12 November 2021 - 11:43 | Views - 1,086

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.ඒ අනුව නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.9 වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැය ද වන මෙම අයවැය පසු කොරෝනා තත්වය ජයගනිමින් වෙළඳපොළ ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙළක් පදනම් කරගනිමින් සකස් කර තිබෙනවා.මෙය, වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසටයි එය ඉතිහාසයට එක්වන්නේ.අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් ආරම්භ වී දින හතක් පැවැත්වෙන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා සිදුකිරීමට නියමිතයි.2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් හත්වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,128ක්.මේ අතර අයවැය කථාව අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවරද මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
Share This Article