අංගොඩ - මීගහවත්ත ප්‍රදේශයේ පසුගිය 26 වනදා වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව තවත් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මොවුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
ඝාතනයට අදාළව මීට පෙර සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊයේ අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මුල්ලේරියාව සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියන්.
පසුගිය 26 වනදා උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබූ අතර, එය සී සී ටී වී දර්ශනවලද සටහන් වී තිබුණා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට පසුව අනාවරණ වුණා.