කඩුගන්නාව විවෘත වෙන තීරණය ලැබෙන්නේ මෙහෙමයි
Friday, 12 November 2021 - 8:55 | Views - 535
කාලගුණ තත්ත්වය සහ මාර්ගය තවදුරටත් නිරීක්ෂණය කර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස විවෘත කරන්නේද යන්න පිළිබඳව තීරණය කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය ප්‍රකාශ කළා.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් නිසා පෙරේදා රාත්‍රී 10 සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු අතර, එය අද පෙරවරු 9 දක්වා මාර්ගය වසා තැබීමටයි බලධාරීන් තීරණය කළේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එහි ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කළා.

දැනට පහල කඩුගන්නාව කොටසෙහි මාර්ගයේ වම් පසෙහි පිහිටා ඇති සියලු ම වෙළඳසැල්ද තාවකාලිකව ඉවත් කිරීමටද උපදෙස් ලබාදුන් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත් මෙන්ම, ගාල්ල සහ මාතර, දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top